Wednesday, May 1, 2030

SLE World



Internet එකෙන් සල්ලි හොයන ක්‍රම, විශේෂ websites සහ ඔයාලගෙ කටයුතු පහසු කරන online services ගැන දැනගන්න ඔයාලත් SLE World blog එකත් එක්ක එකතු වෙන්න. Videos බලන්න SLE World YouTube  Channel එකට link එක click කරල යන්න.

Saturday, May 9, 2020

Voice typing


ඉස්සර නම් අපි අපේ document එකක් හදාගන්නෙ word වගේ software එකක් භාවිතා කරල keyboard එකේ type කරල. Communication එකකට ගිහින් හදාගත්තත් එතන ඉන්න කෙනා keyboard එකේ type කරල තමයි document එක හදල දෙන්නෙ. ඉතින් මේකට ගොඩක් වෙලා යනව. හොදට typing පුළුවන් කෙනෙකුට වුනත් ගොඩක් වෙලා යනව. කිසිම කෙනෙකුට බැ අපි කතා කරන වේගෙන් keyboard එකෙන් type කරන්න. අපි දෙයක් type කරනකොට අපි  මොකක් හරි දෙයක් බලල, නැත්නම් හිතල නැත්නම් අහගෙන ඉදල තමයි type කරන්නෙ. එකයි කතාකරන වේගෙන් type කරන්න බැරි.

ඉතින් මේකට විසදුමක් විදියට තමයි voice typing පහසුකම තියන apps දැන් තියෙන්නෙ. ඉතින් දැනට තියන හොදම app තමයි Google එකේ Gboard app එක. ලංකාවෙ අය නම් Helakuru කියන app එක ගැනත් දන්නව. ඉතින් මේ app වලින් කොහොමද අපි කියන දේ auto type කරන්නෙ.

Voice typing app වලින් කරන්නෙ ශබ්ද විශ්ලේෂණය කරල ඒවා අකුරු බවට පරිවර්තනය කරන එක. කථිකයා පැවසූ දේ තීරණය කිරීම සඳහා අති විශාල වචන මාලාවක් සහ එම කතා කරන භාෂාව කතා කරන ආකාරය පිළිබඳ දැනුමක් app එකට තියනව. සමහර app වල විශේෂ වාග් මාලා හෝ නම් වැනි නිතර භාවිතා වන වචන එයට ලේඛන, වචන ලැයිස්තු හෝ 3rd party plugins භාවිතා කිරීමෙන් එකතු කරල  තියනව. Voice typing app එක මයික්‍රෝෆෝනයක් හරහා කථනය ග්‍රහණය කර පරිවර්තනය කරනව. පටිගත කිරීම් හොදින් කිරීමට සුදුසු ඩිජිටල් රෙකෝඩරයක් භාවිතා කිරීමටද පුළුවන්. සමහර voice typing app වලට ආකෘති ගණනාවකින් (wav, mp3 සහ wma ඇතුළුව) පටිගත කරන්න පුළුවන්.

ඉතින් මේ apps ක්‍රියාත්මක වෙන හැටි සහ මේ පහසුකම activate කරන්නෙ කොහොමද කියල බලන්න මෙතන click කරන්න.

Torrent files Direct Download
















Torrent files direct download කරගන්න පුළුවන් කියල දන්නෙ නැද්ද?  seedr site එක තියෙන්නෙ එකට තමයි. ඉතින් මේක කියා දෙන්න කලින් මම කියා දෙන්නම් torrents files කියන්නෙ මොනවද කියල. ඔයාල දන්නවා internet එකෙන් අපිට softwares, movies, music වගේ දේවල් download කරන්න පුළුවන් කියලා. අපිට Photoshop software එක ඕනි නම් අපි Google එකේ Photoshop කියල search කළාම Photoshop software එක Download කරන්න පුළුවන් site එනව. Photoshop කියන්නෙ free දෙන software නෙමෙයි. ඉතින් මෙහෙම search කළාම සල්ලි ගෙවල මේ software ගන්න තියන site තමයි ගොඩක් එන්නෙ. ඔයා movie එකක නමක් search කළත් කෙළින්ම direct download කරන්න එන site අඩුයි. ඉතින් website වර්ගයක් තියනවා torrent site කියල. Torrent files තියෙන්නේ මේ site වල. Movies, softwares,games,music ඔක්කොම මේ torrent site වල තියනව. මෙවට තමයි torrent files කියන්නෙ. සල්ලි වලට දෙන softwares පවා මේ site වල තියනව. මේ files ඕනි කෙනෙක්ට download කරන්න පුළුවන් නොමිලේ ම. මේක ඉතින් ඇත්තටම නීති විරෝධී දෙයක්. ඒ වුනාට හැමෝම වගේ movies, softwares, games download කරන්නෙ මේ site වලින් තමයි. 
1337x.to 
thepiratebay.org
මේ දෙක දැනට internet එකෙ තියන ලොකුම torrent site වලින් දෙකක්. මේ site වලට ලෝකෙ ඉන්න ඕනි කෙනෙක්ට ඕනි file එකක් upload කරන්න පුළුවන්. ඉතින් එහෙම තමයි හැමදේම මේ site වලට එන්නෙ. ඉතින් කවුරු හරි මේ torrent site එකකට ගිහින් Photoshop කියල search කළාම link  ගොඩක් එනව. ඔයා කැමති link එකට ගියාම magnet link කියල එකක් තියනවා. ඔයා මේ torrent file එකක් download කරන්න කලින් Bittorrent හෝ uTorrent කියන software දෙකෙන් එකක්  download කරල install කරල තියන්න ඕනි. මේව free software. ඒ නිසා Google එකේ search කරල කෙළින්ම direct download කරන්න පුළුවන් software එකේ official site එකෙන්ම. ඉතින් අර magnet link එක click කරල ඔයාට මේ Bittorrent හෝ uTorrent වලින් download කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්න හැදුවේ torrent file මෙහෙම download කරන විදිහ නෙමෙයි. මම ඔයාලට කියා දෙන්න හදන්නේ කොහොමද torrent file එකක් direct download කරන්නෙ කියල. ඉතින් එක කරනනෙ seedr.cc කියන website එක හරහා. මම ඒක කරන විදිය video එකකින් ඔයාලට කරලම පෙන්නල තියනව. ඉතින් ඒ video එක ඔයාලට මෙතන click කරල බලන්න පුළුවන්.