Saturday, May 9, 2020

Voice typing


ඉස්සර නම් අපි අපේ document එකක් හදාගන්නෙ word වගේ software එකක් භාවිතා කරල keyboard එකේ type කරල. Communication එකකට ගිහින් හදාගත්තත් එතන ඉන්න කෙනා keyboard එකේ type කරල තමයි document එක හදල දෙන්නෙ. ඉතින් මේකට ගොඩක් වෙලා යනව. හොදට typing පුළුවන් කෙනෙකුට වුනත් ගොඩක් වෙලා යනව. කිසිම කෙනෙකුට බැ අපි කතා කරන වේගෙන් keyboard එකෙන් type කරන්න. අපි දෙයක් type කරනකොට අපි  මොකක් හරි දෙයක් බලල, නැත්නම් හිතල නැත්නම් අහගෙන ඉදල තමයි type කරන්නෙ. එකයි කතාකරන වේගෙන් type කරන්න බැරි.

ඉතින් මේකට විසදුමක් විදියට තමයි voice typing පහසුකම තියන apps දැන් තියෙන්නෙ. ඉතින් දැනට තියන හොදම app තමයි Google එකේ Gboard app එක. ලංකාවෙ අය නම් Helakuru කියන app එක ගැනත් දන්නව. ඉතින් මේ app වලින් කොහොමද අපි කියන දේ auto type කරන්නෙ.

Voice typing app වලින් කරන්නෙ ශබ්ද විශ්ලේෂණය කරල ඒවා අකුරු බවට පරිවර්තනය කරන එක. කථිකයා පැවසූ දේ තීරණය කිරීම සඳහා අති විශාල වචන මාලාවක් සහ එම කතා කරන භාෂාව කතා කරන ආකාරය පිළිබඳ දැනුමක් app එකට තියනව. සමහර app වල විශේෂ වාග් මාලා හෝ නම් වැනි නිතර භාවිතා වන වචන එයට ලේඛන, වචන ලැයිස්තු හෝ 3rd party plugins භාවිතා කිරීමෙන් එකතු කරල  තියනව. Voice typing app එක මයික්‍රෝෆෝනයක් හරහා කථනය ග්‍රහණය කර පරිවර්තනය කරනව. පටිගත කිරීම් හොදින් කිරීමට සුදුසු ඩිජිටල් රෙකෝඩරයක් භාවිතා කිරීමටද පුළුවන්. සමහර voice typing app වලට ආකෘති ගණනාවකින් (wav, mp3 සහ wma ඇතුළුව) පටිගත කරන්න පුළුවන්.

ඉතින් මේ apps ක්‍රියාත්මක වෙන හැටි සහ මේ පහසුකම activate කරන්නෙ කොහොමද කියල බලන්න මෙතන click කරන්න.

No comments:

Post a Comment